Home/Songs/නුවරඑළියෙ සිසිල් බවයි

නුවරඑළියෙ සිසිල් බවයි

Nuwara Eliye Sisil Bawai

Font size:
නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල…….

ගාලු කොටුවේ බැම්ම වගේ රැකවරනය දුන්නා
උණවටුනේ වෙරළ වගේ සුන්දර බව මැව්වා
හුම්මානේ වතුර වගේ දුන් සෙනෙහස ගත්තා
කතරගමේ දෙවිදුන් හට මගෙ දුක මම කිව්වා……

නුවරඑළියෙ සිසිල් බවයි...

මහවැලි ගඟ බෙදුවා වගේ ඔබ මා වෙන්කෙරුවා
දුන්හිඳ දිය ඇල්ල වගේ මගෙ සිත ඇද වැටුනා
හුන්නස්ගිරි කන්ද වගේ හුදකලාවේ උන්නා
ඉසුරුමුණියේ පෙම් යුවලට මගෙ දුක මම කිව්වා......

නුවරඑළියෙ සිසිල් බවයි...

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.