Home/Songs/ආදරෙ ඔබෙන් දැනුනු තරම් (ඔබගෙන් තරම්)

ආදරෙ ඔබෙන් දැනුනු තරම් (ඔබගෙන් තරම්)

Adare Oben Danunu Tharam (Obagen Tharam)

Music: ප්‍රදීප් රංගන Lyrics: ප්‍රදීප් රංගන
Font size:
ආදරෙ ඔබෙන් දැනුනු තරම්
දැනි දැනී හිතම වෙලූ තරම්//
ජීවිතේ සතුට මේ තරම්
නැහැ දැනුනේ මේ ලෝකේ 
මට ලැබුනු ඔබගෙන් තරම්//

ඔබ මැවූ පද පෙලින්
මා හදේ ගීතයක් ලීවා
නොමැකෙනා පද වලින් 
ජීවිතේ තනුව මම ලීවා
උපදීනා මතු හැම භවේ 
මං ඉන්නවා ඔබගෙ
පපුතුරුලේ උණුහුම වෙලා.....

කටු මතින් යන ජීවිතේ
මල් වලින් අපි සරසමු
ඔබෙ හැඬුම් මගේ කියා
සමසිතින් අපි විඳගමු
මං ඉන්නවා ඔබගෙ
පපුතුරුලේ උණුහුම වෙලා//

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.