නී රස
Neerasa
Music: කසුන් වික්‍රමසිංහ Lyrics: කසුන් වික්‍රමසිංහ
Font size:
නීරස වුනා ලෝකෙම මා පැරදුනා වාවනු විනා රිදෙන පෑරුණු තැනා සීමා නෑ මේ රෑ මා වෙහෙසනා නාඬා ශෝගී සේනා විඳවනා නීරස වුනා ලෝකෙම මා පැරදුනා වාවනු විනා රිදෙන පෑරුණු තැනා තත්පර මිනිත්තු පැය දවස් උදේ ඉදන් වෙනකන් හවස් ඉවසුවා මමත් සතුටක් නෑනේ තවත් සල්ලි ගොඩක් නැති ජීවීතයක් වගේ අන්ධයට සිතුවමක් තේරුමක් නෑ කලුවරයි තිබුනත් වටේට පාට ගොඩක් අවසරයි ස්වාමීනී මරලා නෑ මම මිනී ඉවසන්න බැරි වුනා පොඩි උන්ගේ බඩගිනි දුප්පත් පැත්තෙන් පෝසත් පැත්තට පනින්න නෑනේ කහ ඉරි නීතිය කඩන්න හේතුව ඒකයි මම සමා අයදිමී නීරස වුනා ලෝකෙම...... පිලිගන්නවා කොන්ක්‍රීට වත්තට කුරුල්ලෝ වැඩි අපී ඉපදුන අත්තට දෙවියො වුනත් අපෙන් ආතල් ගත්තට පිනට බරයි අපි නෑ පව පැත්තට බල්ලන්ට පොශ් කඳුල අපිට කොස් මදුල අපේ රස බොජුන් වගේලු උන්ගේ ඉඳුල දස වද දීලා වෙඩි තියලා එල්ලලා හරි පොඩි උන්ට කන්න ලැබුනොත් හොඳටම ඇති කරේ ටයි නෑ පොළවේ ටයිල් නෑ උසාවී ගානේ මගේ ෆයිල් නෑ පළවෙනි පාරට මම සිල් කැඩුවේ පොඩි උන් සතුටෙන් ඉතින් දුකක් නෑ හදවතෙ ගිනෙන්නෙන් ලේ රත් කරලා පපුව පිච්චුනත් තේ වක් කරලා දෙන්නට හැකි නම් දෙනවා මහත්තයෝ පොඩි උන් දෙන්නට අලු ටික පෙරලා නීරස වුනා ලෝකෙම......