Home/Songs/අනවසරයෙන්

අනවසරයෙන්

Anawasarayen

Font size:
අනවසරයෙන් වෙන්න යනු මැනවි
ඔබට අභිමත නම්
සපත කරවූ සදාකාලික ස්නේහයෙන්
සමුදෙමු ද කෙලෙසින් සමුගම්ද කෙලෙසින්
අනවසරයෙන් වෙන්න යනු මැනවි

ඉන්ද්‍රචාපය ලෙසින් ආකාසේ
පෙනී නොපෙනී සැඟව යනු මැනවි //
විරාමය දී සෙනෙහසක සිත සෙල්කුලක් කරමින්
සමුදෙමි ද කෙලෙසින් සමුගමු ද කෙලෙසින්
අනවසරයෙන් වෙන්න යනු මැනවි

චන්ද්‍රිකාවිය විලස රැ යාමේ
දැවී නොදැවී මැකී යනු මැනවි //
කඩා නටුවෙන් මලක් සුළඟට මුදාලන අයුරින්
සමුදෙමු ද සිතකින් සමුගමිද කෙලෙසින්
අනවසරයෙන් වෙන්න යනු මැනවි

අනවසරයෙන් ......

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.