Home/Songs/සම්මතේට පිටු පෑ අපේ ආදරේ

සම්මතේට පිටු පෑ අපේ ආදරේ

Sammatheta Pitu Pa Ape Adare

Music: චන්දන වල්පොල Lyrics: රේරූ
Font size:
සම්මතේට පිටු පෑ අපේ ආදරේ
කඳුලු වලට සීමා කලා ජීවිතේ
අමුතුවෙන් දෙයක් නෑ අදත් මේ හිතේ
පලමුවත් නුඹයි මගේ ජීවිතේ 
දෙවනුවත් නුඹයි මගේ ජීවිතේ  
තෙවනුවත් නුඹයි මගේ ජීවිතේ
වැළලී ගියත් කොහේ මා මේ ලෝකයේ 
ඔබයි ජීවිතේ 

ගින්දරක් වෙලා පපුවේ නුඹව දැවෙනවා
සුන්දරත් නුඹේ ගිනි නුඹම නිවනවා 
එදා වගේමයි අදටත් දැහැන් බිඳෙනවා  
පංගුවක් හිතේ තාමත් නුඹට තියෙනවා 
කිළිටි මේ දෙනෙත් ඔබගේ මායිමේ 
මතකෙන් වින්දා ඔබව මා 

ජීවිතේ අරන් දෝතින් නුඹට කැප කළා 
නුඹේ දෑත අරන් මාගෙන් ඈත ඔහු ගියා 
කිසිදිනේ නොවේ අයිතිය නුඹව මට කියා 
හිතට වැට බඳින්නත් බෑ පෙමට තිත තියා 
කිළිටි මේ දෙනෙත් ඔබගේ මායිමේ 
මතකෙන් වින්දා ඔබව මා 

සම්මතේට පිටු පෑ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.