නුඹ වැළඳ නැලවෙන්න (කිරිල්ලියෝ ටෙලි නාට්‍ය ගීතය)
Nuba Walanda Nalawenna (Kirilliyo Teledrama Song)
Music: සදීප්ත ගුණවර්ධන Lyrics: කාංචනා අනුරාධි ප්‍රනාන්දු
Font size:
නුඹ වැළඳ නැලවෙන්න බෑ නුඹ දුරයි ඔය දෑස හෙමි හෙමින් මොනවද කියයි නුඹ දුටුව මුල් දිනය මතකෙට නැගෙයි සිනා මල් එකිනෙක මං ළඟ පිපෙයි කඳුලු මල් ඉකිබිඳින වස්සානයයි හුදෙකලා හීනයක මගෙ හිත නිවෙයි අපේ මුව ගොළු වුනත් නුඹ මට ප්‍රියයි ඉගිලෙන්න තටු සලා සීමා නැතෙයි නුඹ වැළඳ නැලවෙන්න බෑ නුඹ දුරයි ඔය දෑස හෙමි හෙමින් මොනවද කියයි අපි අපිට අහිමිවන මොහොතට බයයි හෙට පිපෙන මල් පාට බොඳවී පෙනෙයි විකසිතව යන මලක සුවඳත් සොයයි කිසිවක්ම නොකියාම කඳුලුත් හඬයි නුඹ වැළඳ නැලවෙන්න බෑ......