නිලුපුලේ නිල දෙන්න මට
Nilupule Nila Denna Mata
Music: නවරත්න ගමගේ Lyrics: කැලුම් ශ්‍රීමාල්
Font size:
නිලුපුලේ නිල දෙන්න මට මම කඩුපුලක් පුබුදුවමි දවාලක දොළේ දොළදුක කෙලවර කළ හැක කඳුල මිදුලෙ වළලන දවසක සෙනෙහසේ රස මවා ගන්න මට (උරහිසේ හිස තියා ගන්න ඔබ...//) විලේ විල් දිය රැලේ රැලිපිට හිතේ සිතිවිලි පාවෙන්නට හැර ඔබේ සුසුමේ මුසු වෙන්නට මට ගහක් ගලක් සේ නොසැලී ඉනු මැන හෙවනක හෙවනැලි ගලපන දවසක නිලුපුලේ නිල දෙන්න මට මම කඩුපුලක් පුබුදුවමි දවාලක මලක මල්වර මිහිර උරා බොන කැලේ කොළේ බඹරුන්ගේ වද විඳ මලේ මළගම සිදුවන්නට පෙර වදුලේ අයිතිය බාර දෙන්න මට කරදර දරවැට ගලවන දවසක නිලුපුලේ නිල දෙන්න මට......