නුඹ පේනා
Numba Pena
Music: හසිත් සාරංග Lyrics: තරින්ද කසුන්
Font size:
දවටාන අත්වැල් ගිය දිනේ මැවෙනවා මම තාම සත්තයි ඔය සෙනේ විඳිනවා (නුඹ පේනා සිහිනේ සුව ගේනා...//) හිත නෑනෙ මෙච්චල් ඔය සෙනේ සොයනවා මට වාව ගන්නත් බැරි තැනේ හැඬෙනවා (නුඹ නේනා සිහිනේ දුක පේනා...//) පින්තාරු මුහුනේ කැල්ම - සන්තාන නිවනා බැල්ම කොයි කාටදෝ ළං වුනේ සංසාරෙ තියෙනා කල්ම - රළු දෑතෙ ගුලිවී ඉන්න මං කාටදෝ පේ වුනේ නොම රැඳී දෑස මානේ ඔය සෙනේ විඳිනවා දුර රැඳී ඈත මානේ ඔය සෙනේ සොයනවා නුඹ පේනා සිහිනේ සුව ගේනා නුඹ නේනා සිහිනේ දුක පේනා හැදුවාට නෑවිත් ඉන්න - උහුලාන මේ හිත් ගින්න හංගන්න බෑ ආදරේ හිතුනාම ආයෙත් එන්න - හැමදාට නූනත් එන්න හංගන්නෙපා ආදරේ නොම රැඳී දෑස මානේ ඔය සෙනේ විඳිනවා දුර රැඳී ඈත මානේ ඔය සෙනේ සොයනවා නුඹ පේනා සිහිනේ සුව ගේනා නුඹ නේනා සිහිනේ දුක පේනා