Home/Songs/ආයේ එන්න පණ මාගේ

ආයේ එන්න පණ මාගේ

Aye Enna Pana Mage

Music: රධීෂ් වැන්දබෝනා Lyrics: සජිත් චතුරංග
Font size:
ආයේ එන්න පණ මාගේ අදරේ අරන් 
ජීවත් වෙන්න බෑ වාගේ පාළුවේ තවත් 
කඳුළැල් මවා නෙතේ මොනවාද අත් උනේ 
පවසන්න ඇයි මෙසේ සෙනෙහස තාමත් නොහැගුනේ
	
තනිකම මැදින් එදා සමනල් රටා මවා 
වචනෙන් නොකී කතා හොරකම් කළා ඔයා 
හීනෙන් හැඬුවේ දුකටයි රහසේ තනි වී දිවියේ 

ආයේ එන්න ...../

හසරැල් මතක් වෙලා නෙතගින් සුසුම් හෙලා 
කඳුලින් නුවන් තෙමා දෙනෙතක් ගිලන් වෙලා 
පූජාසනයේ මා නම් පැතුවේ ඔබමයි සසරේ 

ආයේ එන්න .../
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.