මගෙ හිත පිරී තිබෙන්නේ
Mage Hitha Piri Thibenne
Music: වික්ටර් රත්නායක
Font size:
මගෙ හිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතිවිල්ලෙන් වෙන කිසිවකු ගැන හිතන්න හදවතට ඉඩක් නැහැනේ මගෙ නෙත රැඳී තිබෙන්නේ ඔබගේ සඳ මුහුණයි වෙන කිසිවකු හෝ දකින්න දෙනුවනට ඉඩක් නැහැනේ අප ළං කරවා කාලය පියඹා ආලය ගැන විමසයි කවුරුන් වේවා හමු වූ මොහොතේ මට ඔබ ගැන පවසයි මගෙ හිත පිරී තිබෙන්නේ ඔබ ගැන සිතිවිල්ලෙන් වෙන කිසිවකු ගැන හිතන්න හදවතට ඉඩක් නැහැනේ මගෙ නෙත රැඳී තිබෙන්නේ ඔබගේ සඳ මුහුණයි වෙන කිසිවකු හෝ දකින්න දෙනුවනට ඉඩක් නැහැනේ කඳුළැල් මැදුරේ හසරැල් නැවතී සෙනෙහස ගැන පවසයි පීදෙන පියුමන් දළුලන තුරු වැල් මට ඔබ ගැන පවසයි වසන්තය කියන්නේ ඔබටයි මටයි...///
Data
Last updated May 2026