Home/Songs/අවසන් හුස්ම පොද

අවසන් හුස්ම පොද

Awasan Husma Poda

Font size:
අවසන් හුස්ම පොද නොබියව හෙලන්නට
සිවුරියනේ හිත සතුටින් නිදන්නට
මිනිසෙකු විලස ඉපදුනු ඵල දකින්නට
පුළුවනි මරණ මංචකයේ වුවද මට...

දහඩිය දිය වුණේ නෑ මාළිගා වල
කඳුලැලි වැටුණේ නෑ නිවටුන් දෙපා මුල
ගත හැඩි දැඩි වුනේ ලඳුවල කැළෑ වල
කරගැට මතුවූනේ නගුලට උදැල්ලට...

මහකෙත් රණ බිමට වැදගෙන උදලු කෙටී
මේ රණ පොළොව ජය ලැබුවෙමි වැතිර වැටී
ඒ ජය මට නොවෙයි නුඹටයි ඉපිද නැතී
අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී...
අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී...
අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.