Font size:
රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ නිදි දෙව්දුව ඉර්ෂයා හිතෙනා බව දන්නවාද නුඹ මගේම ආලය නිදි දෙව්දුව මට අහිමි කරන බව හැබැහින් නුඹෙ රුව අත් විඳිනා සඳ තරු කැට පරදන නුඹේ නුවන් යුග ප් රතම ප් රේමයේ පිවිතුරු නුරාව සනසවන්න මට ඉඟි කරනා හැටි සුරඟන කිරිල්ලියේ සඳ නුඹ ගැනමයි කතා කලේ නිල්වන් ගුවන් තලේ පියඹා යමු රෑ නිසන්සලේ...// නුඹෙ වරළස සුදු මල් ගවසන්නට නුඹෙ උවනත සිප සනසාලන්නට නුඹෙ උණුහුම ළඟ ඉඳ විඳ ගන්නට ආසයි නුඹෙ සිතුවමක් අඳින්නට නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන මා ජීවිතයම නුඹ ළඟ තියාන හිනා පොදක් වී හිඳින්න තනියට.. සුරඟන කිරිල්ලියේ....//
Singers
Data
Last updated May 2026