Home/Songs/කැලණි ගඟට

කැලණි ගඟට

Kalani Gangata

Font size:
කැලණි ගඟට සඳ වැටිලා

කැලණි අහස හඬන්නේ
පැරණි පෙමක සුවඳ දිගේ
ගඟ පහළට ගලන්නේ.......
කැලණි ගඟට සඳ වැටිලා
කැලණි අහස හඬන්නේ
පැරණි පෙමක සුවඳ දිගේ
ගඟ පහළට ගලන්නේ.......
ගඟ පහළට ගලන්නේ

ගඟ පහළට ගලන්නේ


සැළලිහිණි වැද කැලණි

පාලම් මුර පොළ ළඟිනී ....

සැළලිහිණි වැද කැලණි

පාලම් මුර පොළ ළඟිනී ....
බිය සිතිලා පැන ගියෙනි
කැලණි සඳ සොවින් සැලූණි


ගඟ උඩිනි දිය කෙකිනි
කිරි කල ගඟටම හැලුණි.....
ගඟ උඩිනි දිය කෙකිනි
කිරි කල ගඟටම හැලුණි.....
පෙර රමණි නැති සොවිනි
කැලණි සඳ ගඟට වැටුණි

කැලණි ගඟට සඳ වැටිලා

කැලණි අහස හඬන්නේ
පැරණි පෙමක සුවඳ දිගේ
ගඟ පහළට ගලන්නේ.....
කැලණි ගඟට සඳ වැටිලා
කැලණි අහස හඬන්නේ
පැරණි පෙමක සුවඳ දිගේ
ගඟ පහළට ගලන්නේ.....
ගඟ පහළට ගලන්නේ..

ගඟ පහළට ගලන්නේ..
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.