Font size:
සැලෙන දිවි මග නොසැලෙනා සිත සුතන බර හිස උසුලනා සිහින පොදියකි ජීවිතේ සඳළුතලයට උසුලනා නිබඳ දළ රළ නැගෙන දියඹක පහුර පැද යන තනි සිතින් දිරිය මව නම් ලබන්නී පුර වීරිය පාරමි ගැටලු සැඩ නල වදිත දසතින් දෙදෙරවා ගිහිගෙය බැඳුම් මහා මෙරක් සේ නැගෙන්නි දරා මිහිකත සේ තැවුල් මවක් විණි නම් මෙවන් පුතෙකුට ඔහු දිනුයේ වෙයි ළඳක් විණි නම් මෙවන් සැමියෙකු ඔහු ද දිනුයේ වෙයි
Singers
Data
Last updated May 2026