Font size:
යන්නම් මග හැරලා තනිවෙන්න ඉඩ දෙන්න නූරා යළි බෑ එන්න හීනෙන් පවා අතින්වත් අත නොඅල්ලා අපි කෝම බැඳුණාද මන්දා අතහරින්නෙම නෑ ඒ නිසා (රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ......//) ළඟ ඉන්නවා කියා දුර යන්න ඔබ ගියා සඳ එළිය දෝ ආදරේ මගේ හීන රැවටිලා ඇගේ හීන එළි වෙලා යළි මල් පිපේවා ජීවිතේ (රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ......//) සංසාර ආදරේ රහසේම මියැදුණා ඔහු මාව සිපගත් ඒ වෙලේ අවසන් කවක් ලියා සුසුමන් අරන් ගියා ඉකි බින්ද දෙනුවන් ඒ රැයේ....... (රිදි රිදී සනහනා ආදරේ මැරි මැරී ඉපදෙනා ජීවිතේ......//)