Font size:
රෝස පෙති අතුරාලා - යහන මත සතපාලා සුපෙම් හිත ළගින් හිඳ - සුසුම් ලමු කොදුරාලා කඳුළු පිණි වැහේවී - නිදන හිත ඇහැරේවි පපුව මත සුවඳ විද දෙතොල් පෙති යා වේවි... රෝස පෙති අතුරාලා... තරු පේලී පීදීලා - සඳ යහන පිරීලා නුඹේ දෑස විහිදාලා අපේ කෝඩු හීනේ සරසාලා...// ඉඳු නීල නෙතු ගාව රැදෙමි සදා... රෝස පෙති අතුරාලා.... පැතු හීන වැහිලා - අද යාය නැවීලා පණ වාගේ පැහීලා මතු ආයේ මාගේ සඳ වේවා...// ඉඳු නීල නෙතු ගාව රැදෙමි සදා.... රෝස පෙති අතුරාලා....
Singers
Data
Last updated May 2026