Font size:
කුමටද සොබනියේ කඳුළු සලන්නේ හේතුව මම නොදනිම් ගිරිහෙල් අරඹේ ඇති මගෙ නිවසට මම ඔබ ගෙන යන්නම් ඔබ හට හැම සැප එහි දෙන්නම්...// කුමටද සොබනියේ... සඳ පායන කල ගඟබඩ ඉඳගෙන ඔබේ හිස පීරන්නම්// මල් පෙති විසිරුනු සුදු වැලි මතුපිට ඔබ ගෙන ඇවිදින්නම්// සොඳුරියේ ආදර බස් දෙන්නම්// කුමටද සොබනියෙ...// තණ අග දිලිසෙන පිණි කැට අරගෙන ඔබේ ඇග දොවන්නම්// ඉරපායන විට පුබුදින මල් ගෙන ඔබේ හිස සරසන්නම්// කොමලියෙ ආදර බස් දෙන්නම්...// කුමටද සොබනියෙ...//