දුන්න කඩුව අතට අරන්
Dunna Kaduwa Athata Aran
Lyrics: සරත් ගුණරත්න
Font size:
දුන්න කඩුව අතට අරන් කන්ද උඩින් ඉගිල්ලිලා කල සෙල්ලම් මතක් වෙනවා ලන්ද දිගේ දුව පැනල අපි පොඩිකාලේ කුන්ද සමන් මල් පිපෙනා ඉර හැංගෙන හැන්දෑවේ පුංචි කතාවක් අහලා කෝටුවකින් මිදුල පුරා ගෝනෙකු ඇන්දේ දුන්න කඩුව අතට අරන් දරු නැළවිලි ගී ගැයුනා ඔන්චිලි වාරම් ඇසුනා නෙලුම් ගොයම් කවි කිව්වා ගමට සිදාදිය ඇවිල්ලා ඒ කවි ගී දැන් නැතුවා ඒ කවි ගී දැන් නැතුවා දුන්න කඩුව අතට අරන්....