Home/Songs/පෙම් රළ පතරින්

පෙම් රළ පතරින්

Pem Rala Patharin

Music: අමරදේව W D Lyrics: සුනිල් ආරියරත්න
Font size:
පෙම් රළ පතරින් නිබඳව නැහැවෙන 
මිනිස් හඬින් තොර පාළු දිවයිනේ
මා තනි කර දා පාවෙන ඔබගේ
ජීවන නෞකා නොබිදේවා

කණකොක් සුද පමණයි බොල් අහසේ
සිතිජය රේඛාවේ
මුව වීණාවේ මන්ද ස්වරයෙන් 
මුහුද හඬන හඬ සවනත නොනැගේ 
මා තනි කර දා පාවෙන ඔබගේ
ජීවන නෞකා නොබිදේවා

සිත් සැණකෙළියේ සිතුවිලි සළෙළුන්
නිහඬව නිදා සිටී
වියරු සිනා හඬ රස ගී ගංගා
සිඳී බිඳී සැඟවේ සැඟවේ



Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.