Home/Songs/සුරත් සුවය

සුරත් සුවය

Surath Suwaya

Music: සරිතා එදිරිසිංහ Lyrics: සාදර බණ්ඩාර
Font size:
නිල් වරල පුරා මල් අතුරලා 
බිඟුන් මත් කරන 
රන් මුව මඩලින් රැස් විසිරැවා 
තෝඩුන් දිදුලවන
නිම්නාද දී යන සත් ස්වරයෙන් 
දෙසවන් සිල් බිඳින 
හදසෙන් වැදී ගජසෙන් මඩිනා 
දෙව්ලියේ ඔබ කවුද

ශෘංගාරී මගේ 
හද විල් තීරයෙන්  
බැස කිමිදෙන්න 
දැහැනින් බැඳඋන් 
සලෙලුන් මුදමින්
සුරත් සුවය විඳගන්න 

මල් මකරන්දයෙන් නා දලු තෙමා 
මීවිත බොන්න 
පෝසඳ අසලින් පුන්සඳ තියා 
සාවුන් සිපගන්න
හද හද බැඳී ගත ගත වෙලී 
යන මේ රැය පුරාවට
වීණා වැයුමට සකි පන්සිළු හට 
ඇරයුම් කරන්නද

ශෘංගාරී මගේ.... 

මේ නඳුන් උද්‍යානයේ දැහැනින් සුව වින්ද
සිත බොලඳ වෙයි සසැලෙයි 
සොඳුරියේ නුඹ නිසාමද

ශෘංගාරී මගේ....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.