Home/Songs/පරම රමණී

පරම රමණී

Parama Ramani

Music: ආර් මුත්තුසාමි
Font size:
චිත්‍රපටය: නළගන (1960)

පරම රමණී අපේ ආලේ
සදාකල් සැපත වී මූලේ
සමාජේ රුදුරු කාන්තාරේ
කොහේ අපි යමුද නොම තේරේ...//
පරම රමණී

කිමද වෙන්නේ අනේ නොදැනේ
මෙයින් මතුදා...//
විදුලි හෙණ සැඩ සුළං නොමැති 
තැනක ඒ මල් ගසක් මුදුනේ
තනාගමු ප්‍රේම කූඩු අපි

පරම රමණී අපේ ආලේ
සදාකල් සැපත වී මූලේ
සමාජේ රුදුරු කාන්තාරේ
කොහේ අපි යමුද නොම තේරේ

මෙ ලෝකේ මාගෙ දිවි හින්දා
ඔබයි මා ප්‍රේමයේ සුහදා...//
හිතුවෙදෝ මා කෙසේ ආශා
දිලේ අර තාරකා චන්ද්‍රා
අපේ පෙම් මන්දිරේ සරසා

පරම රමණී.../
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.