Home/Songs/ගඟුලැලි මට දුරයි

ගඟුලැලි මට දුරයි

Numba Mata Durai

Font size:
ගඟුලැලි හැඩයි වස්සානය ආවාම
සඳවත හැඩයි තරු අඹ‍රේ පිපුණාම
සිහිනය දිගයි සිතුවිලි ලය රැඳුනාම
නුඹ මට දුරයි සංසා‍රේ මං තාම

රළ ‍පෙළ සැඩයි තනිකම හිත රැඳුනාම
මිරිඟුව ළඟයි කතරක සිත දිව්වාම
නුඹ මට දුරයි ගිම්හා‍නේ හමුවීම
සුසුමක දවයි සංසා‍රේ පැතු ‍සේම
ගඟුලැලි හැඩයි වස්සානය ආවාම

කඩුපුල් සුවඳ ගලයි හැන්දෑ හිරු ‍ගෙවුනාම
මතක‍යේ සුවඳ ළඟයි තුරු‍ලේ ලය රැඳුනාම
‍දෙනුවන නිසලයි ‍නෙත් මාන‍යේ උන්නාම
නුඹ මට දුරයි සංසා‍රේ මං තාම

ගඟුලැලි හැඩයි ....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.