Font size:
දියළුම දිය ඇලි දිය රැල හා ගල ගල යයි සමුදුර සොයලා හද උපදී ආදරේ සැනසුම් තෙර සොයලා// අද නැති දේ හෙට මා සොයයි හෙට හමු වී යළි ඈ සොයයි ඔබ හමුවේ හද ගී ගයයි ඔබ ඒ ගීතයෙ රාවයයි සසර පුරා ඇසු ගීතයේ රසයේ කිමිදී පැතුසේ සඳවත කුමටද ඔබ නැතිදා හිරු නැග පල නැත ඔබ නැතිදා සඳ හිරු හා ආදරේ මොකටද ඔබ නැති දා අද නැති දේ හෙට මා සොයයි හෙට හමු වී යළි ඈ සොයයි ඔබ හමුවේ හද ගී ගයයි ඔබ ඒ ගීතයෙ රාවයයි සසර පුරා ඇසු ගීතයේ රසයේ කිමිදී පැතුසේ පියබර සිතුවිලි මතු අමුණයි සවණට සැනසිලි හඬ මුමුණයි කැළඹෙන මේ ලෝකයේ සහනය ඔබ පමණයි //
Singers
Data
Last updated May 2026