Font size:
සහයට බව සහරාවේ ඔබ පමණි ප්‍රියේ සහකාරි එන්න හොඳේ අත නෑවී......// මින්පෙර අප එක සෙවණක උන් වග දැන් මට වැටහෙන්නේ පුරුදු හඬයි පෙර විඳ හුරු සුවඳයි අසලම ගැවසෙන්නේ අත නොලැබුණ මුත් සෙනෙහේ නිසයි අපි යළි මෙහි මුණගැහුනේ විඳින දුක යළි නොලැබෙන්නට අත දෙනු මැන ළඳුනේ........ සහයට බව...... කඳුල නිවා ඔය රෝස ලවන් මත හසරැලි අතුරන්න යුග දිවියේ ඉමිහිරි සුව සහනය දෙහදක ඉතිරෙන්න තුන් රුවනේ ගුණ සරණ ලබා මතු භව බැමි සිඳලන්න යශෝධරාවන් සේ අතනෑරන මා පසු පස එන්න....... සහයට බව......
Singers
Data
Last updated May 2026