Font size:
බලා හිඳමි දුර ඈතක ඇයි ඔබ මා රදවා පියවර මැන්නේ හෙලා සුසුම් රැලි දුක සඟවන්නෙමි මා කතරක තනි වූ වැන්නේ බලා හිඳිමි දුර ඈතක ඇයි ඔබ වියෝ දුකින් හද ගිනි ඇවිලෙන්නේ ගෙවූ යුගේ සිහිනයක් වෙලා කොහේ සිටන් හෝ යළි ඔබ එනතුරු මම මෙහි හිඳිමි බලා බලා හිඳමි .... නෙතින් කඳුළු ගංඟා උතුරන්නේ නැත හදවක ගිනි තවම නිවී ඔබේ සුවඳ යළි මට හිමි වනතුරු මම මෙහි හිඳමි බලා බලා හිඳමි .....
Singers
Data
Last updated May 2026