Font size:
මල් හසරැල් පීදී දුක් කදුළැල් සේදී සොඳුරු වසන්තේ සිරි නරඹන්නට එනවාද මිතුදම් යළි හාවී මල් දම් ලියලාවී සිහින දනව්වේ සිරි නරඹන්නට එනවාද සරදම් සිත් රිදවනවා කළකම් නම් ඵල දෙනවා මෙල්ල කරන් සිත නිල්ල නෙළන්නට එනවාද // පායන පුන් සඳ සේ සිත් පීදෙයි සොඳසේ සීනු සිනා හඩ සවනපිනා යන්නේ // ජිවිතයේ දුක් ගින්දර පාවී යාවී ආදරයේ නාමෙන් රත් පියුම් පිපේවී රැඟුම් ගැයුම් මැද නැවුම් හැඟුම් විකසිත වේවී // මල් හසරැල් පීදී ..... නිම්හිම් නැති සසරේ කෙම් බිම් මැදිව මෙසේ ආදර ලෝකෙට පාර කියා දෙන්නේ නිම්හිම් නැති සසරේ කෙම් බිම් මතුවන සේ ආදර ලෝකෙට පාර නියාදෙන්නේ ජිවිතයේ දුක් ගින්දර පාවී යාවී ආදරයේ නාමෙන් රත් පියුම් පිපේවී රැඟුම් ගැයුම් මැද නැවුම් හැඟුම් විකසිත වේවී //
Data
Last updated May 2026