බිඳි ගිය හිත
Bindi Giya Hitha
Music: ජගත් කරුණාජීව Lyrics: ගෝතමී ඒකනායක
Font size:
බිඳි ගිය හිත හදාගන්නට එක වචනෙට බැරිවුණා රැවටුනා යයි හිතාගන්නට තාම මගේ හිත පැටලුනා එක්ව සිටි අවසාන මොහොතත් කඳුළකින් දිය වී ගියා මට මගේ යැයි කියාගන්නට වෙන හිතක් තනියට තියා...... වළා පෙලකින් වැසී ගිය සඳ ආයෙමත් එබිකම් කළා සඳට හොරැහින් වැටුණු කඳුළින් ජනේලය උඩ තෙත් කළා මතක් කර තර සතුටු වන්නට තිබූ සිහිනෙත් බොඳ වුණා මියෙන්නට හිත තබා ඔබ මට පෙනී නොපෙනී ඉගිලුණා...... කවුරුවත් ළඟ නින්ද යන්නැති නෙතට කඳුළක් හිරවෙලා මට මගේ යැයි අමතකව හිඳි පුරුදු ළය මත හැංගිලා මතක් කර තර සතුටු වන්නට තිබූ සෙනෙහෙත් බොඳ වුණා මියෙන්නට හිත තබා ඔබ මට පෙනී නොපෙනී ඉගිලුණා......