මා සිත මියුරු
Ma Sitha Miyuru
Music: ෂර්ලි විජයන්ත Lyrics: ෂර්ලි විජයන්ත
Font size:
(මා සිත මියුරු කල්පනා රස පද වැලට පෙරලුනා මිහිරියේ ඔබට බැඳුනු ප්‍රේමයේ නමින් නැවුම් සිතක ඔබට බැඳුනු ප්‍රේමයේ නමින්...//) රුවැති මලක් මද සුළඟේ සැලෙන සැටි සිතා බඹර තුඩක් මල් පෙති මත ලියයි පෙම් කතා ඔබට කෙලෙස අමතන්නද නොහැක ගනු සිතා දයාබරව ඔබට ලියමි සෙනෙහසක් පතා මා සිත මියුරු කල්පනා.... රණ මයුරෙක් මයුරියකගෙ රැඟුම ගැන සිතා තුඩින් තුඩග බැඳුනු පෙමක් අගෙයි ගමු සිතා ඔබ අමතන මෙවන් පතෙක පිළිතුරක් පතා දැන ගන්නට මා රිසියෙමි කිමද ගත් සිතා මා සිත මියුරු....//
Singers
Data
Last updated May 2026