පියුමෙහි පැණි බොති
Piyumehi Pani Bothi
Lyrics: කරුණාරත්න අබේසේකර
Font size:
පියුමෙහි පැණි බොති වන බඹරු මල මත නොරැඳෙති කළු දෙබරු දහවල් නොදිලෙයි අඹරෙ තරු අවරින් නොනැගෙයි නැගෙන හිරු කුසගිනි හැදුනට ඉඳල් නොකව් කණකොළ නොබුදිති සිංහ පැටව්...// හොඳ මල් නොපිපෙයි ගිරි මුදුනේ තල තෙල් නොදමයි රන් බඳුණේ...// පියුමෙහි පැණි බොති වන බඹරු.../ ගැයුවට ඉමිහිරි පද උපුටා කොවුලෙකු වෙනවද කළු කපුටා...// සුදු පැහැ හැරියේ කවුද කිරේ මුතු නොබඳියි ගිරවියගෙ කරේ පියුමෙහි පැණි බොති වන බඹරු.../
Singers
Data
Last updated May 2026