Home/Songs/මේ අවුරුද්ද ඇවිල්ලා

මේ අවුරුද්ද ඇවිල්ලා

Me Avurudda Avilla

Music: සඳරුවන් ජයසිංහ Lyrics: කසුන් ප්‍රිමාල්
Font size:
ඉර දෙයියෝ හිමිදිරි පින්න සිඹිනවා
කොවුලෝ අපටත් අවුරුද්ද ඇහෙනවා
ගම්මැද්දේ ගී සද්දේ
හඬ රබන් සුරල් හිනාවෙන්ට නැකැත් කියන්නේ
තනි රැනේ ගිරවුන්නේ
රහ බලන්නටත් පලක් වැලක් මටත් තියෙන්නේ
එරබදු මල් යායේ සුවඳ හමන්නා
රබන් පැලෙන කාලේ මෙන්න ඇවිල්ලා
මල් වාරම් තාලේ ඈත ඇසෙන්නා
මේ අවුරුද්ද ඇවිල්ලා.......

නගරේ කූඩු වලත් කැවුම් ඉදෙනවා
ගැමිකම තාමත් අපේ හිතේ තියෙනවා
කජුවාරේ උඩ අත්තේ
පුහුලමක් වගේ මගේ හිතත් පිරී තියෙන්නේ
පන් පැදුරේ මල් මැද්දේ
ඔය පංච කොළේ පුංචි ඉඩක් මටත් තියෙන්නේ
එරබදු මල් යායේ.......

කොවුලා වාගේ හඬගා ආලේ
හිත අරගන්න හිතෙනවා
අවුරුදු කාලේ දඟ වැඩ බෑනේ
අතිරස වාගේ මිහිරියි ආලේ
නැකැතට යමුද පියඹලා
එරබදු මල් යායේ........
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.