Home/Songs/සමනලයින් පාට පාට (සරිගම චිත්‍රපට ගීතය)

සමනලයින් පාට පාට (සරිගම චිත්‍රපට ගීතය)

Samanalayin Paata Paata (Sarigama Movie Song)

Music: රෝහණ වීරසිංහ Lyrics: සෝමරත්න දිසානායක
Font size:
චිත්‍රපටය : සරිගම (2016)

(සමනලයින් පාට පාට කනමැදිරියෝ රෑට රෑට 
සිනිඳු වලා ඈත ඈත හරි සොඳුරුයි 
සෑමදාම...//)

(දිය දහරක පෙන බුබුලු 
ගෙල වට ලූ මුතු පබළු....//) 
තුරු මත ලූ මල් කැකුළු 
හරි හැඩලු අපි වගෙලු      
       
සමනලයින් පාට පාට කනමැදිරියෝ රෑට රෑට 
සිනිඳු වලා ඈත ඈත හරි සොඳුරුයි 
සෑමදාම

(තන පලසේ පිනි බිංදු 
උඩ අහසේ තරු රැන්දු...//)
රස කැන්දු අපි ගයමු කවි සිංදු   

සමනලයින් පාට පාට කනමැදිරියෝ රෑට රෑට 
සිනිඳු වලා ඈත ඈත හරි සොඳුරුයි 
සෑමදාම

(දේදුන්නේ පාට හතයි 
මුතු පින්නේ මාල ගෙතෙයි...//) 
සියෝතුන්නේ ගීත ඇසෙයි 
මෙලෙසින්නේ ලොවම හැඩයි  

(සමනලයින් පාට පාට කනමැදිරියෝ රෑට රෑට 
සිනිඳු වලා ඈත ඈත හරි සොඳුරුයි 
සෑමදාම...//)

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.