Home/Songs/මේ අපේ දේශයයි

මේ අපේ දේශයයි

Me Ape Deshayai

Music: අශාන් ප්‍රනාන්දු Lyrics: සිඩ්නි චන්ද්‍රසේකර
Font size:
මේ අපේ දේශයයි භූමියයි උතුම් වූ...
සුන්දරයි සැමදෙනා එක මවකගේ...
ආදරෙයි අම්මා ඔබයි ලක්මෑණියේ...

නැවතත් බලමු නෙත් පිසදා කඳුලට ඉඩ නොතබා...
එකට එක් වී ජාති,ආගම් කුලය නොතකා...
එක් ව එක පවුලක් ලෙසින් සමගියේ අභිමානයෙන්...
රකිමු අපේ අම්මා අපගේ අම්මා ශ්‍රී ලංකා...

චණ්ඩ මහා සුනාමියෙන් අප ගොඩගත් දේශයයි...
කුරිරු මහ ඝන යුද්ධයෙන් අපි දිනු පිං භූමියයි... භූමියයි...
එලෙස එක් වී අපි සියළු බාධක දිනුවේ සමගියෙන්...
නැවත එක් වී පෙරට පය ගෙන වෙනස් කර රට...
සිතන්නට නෑ කල් තවත් එකම ධජයක් යට ඉඳන්...
සිතමු අපි සැම එක දෙයක් පළමුව රටයි ශ්‍රී ලංකා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.