Font size:
මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා රන් සෙව්වෙමි රන් ද හිමි වුණා නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ..// මල් පැතුවෙමි මල් ද පිබිදුණා පැණි පැතුවෙමි පැණි ද ඉතිරුණා // රස පැතුවෙමි රස ද වැටහුණා නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ..// මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා.. නිල්බර සඳ පතා පල නැතේ බැබලෙන තරු පතා පල නැතේ // කිඳුරු ලියන් පතා පල නැතේ පතන එකම එක වස්තුව ඔබය පිය කතේ..// මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා.
Singers
Data
Last updated May 2026