Home/Songs/නෙලන්න බැරි දුරින් පිපී කියන්න දුක රැඳී එමී

නෙලන්න බැරි දුරින් පිපී කියන්න දුක රැඳී එමී

Nelanna Bari Durin Pipi Kiyanna Duka Radi Emi

Font size:
නෙලන්න බැරි දුරින් පිපී
කියන්න දුක රැඳී එමී .... පවන් රොදේ
අසන්න දුක බලා ඉමී
රැදෙන්න ඒ බිමෙන් මිදී .... මගේ ලොවේ

විලෙක රැයේ පිපෙන මලේ කඳුළු සගවලා
නැගෙන ස‍ඳේ කිරණ ලෙසේ ගලමි රැය පුරා
හිරුද හඬවලා 

නෙලන්න බැරි .....
ඉවුරු දිගේ යනෙන අපේ හඬන හිත නිවා
ගලන ග‍ඟේ කඳුළු ඉමේ පැතුම ඇත බලා
සයුර ඇත බලා 

නෙලන්න බැරි .....
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.