Home/Songs/සිතුම් පැතුම් සඳ ආදරේ

සිතුම් පැතුම් සඳ ආදරේ

Sithum Pathum Sanda Aadare

Music: පී. එල්. ඒ. සෝමපාල Lyrics: ප්‍රේම කීර්ති ද අල්විස්
Font size:
චිත්‍රපටය: අභිරහස (1971)

ගැ - (සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ
       මහදේ සොඳුරු අහසේ අනාගතේ)..// 
පි - සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ
      මහදේ සොඳුරු අහසේ අනාගතේ
ගැ - සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ
       මහදේ සොඳුරු අහසේ අනාගතේ 

ගැ - පැණි සොයමින් බඹරුන් එනවා
       පැණි බී යළි උන් ඉගිලෙනවා 
පි - පැණි සොයමින් බඹරුන් එනවා
       පැණි බී මල වට ඉගිලෙනවා... 
ගැ - තනිවූ කතරක මා ඉන්නේ
      කෙලෙස ද පිය මැන පිටවන්නේ 

(සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ)..// 

ගැ - හදවත විල් දිය චංචල වේ
      ගැඹුරට මගෙ නෙත සිත යොමුවේ 
පි - හදවත විල් දිය චංචල වේ
     ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ... 
ගැ - සැතපෙන කල දුටු නිදි යහනේ
      එළි වෙයි දෝ රෑ දුටු සිහිනේ 

(සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ
මහදේ සොඳුරු අහසේ අනාගතේ)..// 
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.