Home/Songs/ගගනේ

ගගනේ

Gagane

Music: චින්තක ජයකොඩි Lyrics: අනුරාධ මහසිංහ
Font size:
චිත්‍රපටය : තාල (2019)

ගගනේ නීල සේලේ ඉරිලා 
වරුසා වාලුකාවේ ගිලීලා 
ඉන්ද්රචාපය බිඳී 
පාට සායම් සිඳී 
කෙසේ අඳිමී මගේ සිතුවම් 
ආකාසයේ 

මුලකුර ලීවා 
රැයේ කවියේ පහනයි නිවුණේ 
මංමුලා වී සරද්දී පායා පාර කී 
තරුවයි දැවුණේ 
ආකාසයේ 

ගගනේ නීල සේලේ ඉරිලා.... 

සමුදුරු ජලයේ අතරමග ඔරුකඳ බිඳුණී 
සීත හේමන්තයේ මාරුතේ චණ්ඩ වී 
හිමකර මිදුණී 
ආකාසයේ

ගගනේ නීල සේලේ ඉරිලා....

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.