Home/Songs/රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්

රාත්‍රිය වී නිහඩව නිසලව ඉන්නම්

Rathriya Wee

Font size:
රාත් ‍රිය වී නිහඩව නිසලව ඉන්නම්
බියද දැනේ දුකද දැනේ
රුදුරු උනේ ඇයි හිමිසදුනේ //

පතා පැමිණි සුර පුරවර
වෙළා ගැනුණි ඝණ කළුවර //
දෑස පුරා දු ‍ටු සිනා කවටකෙළි
කදුළු කථාවක කෙළවර
අසන් හිමියනේ කාට කියන්නද
මේ දුක...ඔබ හැර...

කලා සොළස පිරි පුරහද
අතැර ගොසින් සිය පිය බද //
එදා දෙඩු මුදු වදන් අසන්නට
බලාහිදී සිත පිළිසිද
අසන් හිමියනේ කාට කියන්නද
මේ දුක...ඔබ හැර...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.