ඔයා හුඟාක් වෙනස් වෙලා
Oya Hungak Wenas Wela
Music: මාධව හේවාවසම් Lyrics: මාධව හේවාවසම්
Font size:
ඔයා දිහයි බලන් හිටියේ ඇස්පිය නොහෙලා මෙතෙක් වෙලා ළඟින් හිටියේ නැති ටික කාලෙට ඔයා හුඟාක් වෙනස් වෙලා අපේ හීන වලින් ඔයා ගියා කියා ඉවත්වෙලා සුසුම් හොරෙන් ළඟින් තියාගෙන සිටියේ මං තිගැස්සිලා ඔයත් ටිකාක් වෙනස් වෙලා... තනිවුණ කුසුමෙක තනිකම මැකුවෙත් ඔබ විතරක් හින්දා දවසේම හිනැහුණු හිත හැම රෑකම තනියෙන් ඉකි බින්දා අකලට කඳුලින් නා කපනා වැහි වැස්සුවේ මං හින්දා ගෙන යන්නම් කැන්දා... අපි වෙනුවෙන් අපි තනිවම හිටි හැටි අපිවත් දන්නෑ ලොවට හොරෙන් කළ කී දේවල් කවුරුත් දන්නෑ මගේ ලොවට ඔබ හැර වෙන සැලසුම් මට කිසිවක් නෑ ආයෙත් අපි තනි වෙන් නෑ.... ඔයා දිහායි...
Singers
Data
Last updated May 2026