සුළඟක් වෙලා ඔබ සොය එන්න ඕනේ
Sulagak Wela Oba
Font size:
සුළඟක් වෙලා ඔබ සොය එන්න ඕනේ සෙවනැල්ල වාගේ ඔබ ළඟින් ඉන්න ඕනේ හමු වූ දිනේ හිත බැඳිලා සෙනේ මුලු ජිවිතේ ඔබටමයි අාදරේ සිත් ගත් ළඳේ ඔබ ළඟින් ඉන්න ඕනේ සුළඟක් වෙලා ඔබ සොය එන්න ඕනේ ඔබ මාද කීවා ගං ඉවුරේ දැවටී මා ගතේ තුරු වදුලෙ හැංගී සිප ගද්දි දැණුනා මට සුවේ සිසිල දෙන මේ නදී තෙරේ තුරුලු වුණු මාගේ හංසියේ හැමදාම මේ ලෙසින් බැඳි හිඳිමු යැයි කීව කුමරියේ ඔබ නේද දන්නේ තාම එ්රහස දන්නේ ඔබමයි සොයන්නේ සෑමදා මං පතන්නේ පෙර සේම අාවා මං සෙව්වා ඔබ නෑ ගං තෙරේ ගලන දිය වාගේ ළඟ නොරැඳී කොහෙදෝ ඔබ ගියේ දිය සුළිය කුරීරූ වූ ලෙසේ අැයිද ඔබ මාව හැඬවුවේ හඬමි මම මේ නදී තෙරේ අැයිද ඔබ මා දමා ගියේ ඔබමයි සොයන්නේ තාම එ් රුව සොයන්නේ සුළඟක් වෙලා සෑමදා මං සොයන්නේ
Singers
Data
Last updated May 2026