හදවත් හදනා
Hadawath Hadana
Music: කනිෂ්ක අක්මීමන Lyrics: සජිත් අක්මීමණ
Font size:
ඈ ගෙන් ආයේ අයදින්නෑ ආලේ තනීවෙම් ලෝකේ උරුමයි මේ ශෝකේ නුඹ නම් මාගේ හැමදේ වූ කාලේ මොහොතක් ගානේ රිදවයි ඒ හීනේ... (හදවත් හදනා හදවත් බිඳිනා ආදරේ මට හමුවුනා කවදත් දැවෙනා කවදත් රිදෙනා ආදරෙන් සමුගන්නවා...//) රෑක තුරූලේ ගැවසෙනා තෝඩු දෙතෝලේ පැටලෙනා සොඳුරු වූ ස්නේහාදරේ වියැකී ගියා කෝල දෑසේ ඇහීරිලා හාදු යායේ වැතිරිලා ගෙවුනු ඒ ප්‍රේමාදරේ මියැදී ගියා පිනි පොදයි ඒ ආදරේ මාව ජීවත් කලා පෙන බිඳයි ඒ ආදරේ මා තනිකලා... හදවත් හදනා හදවත් බිඳිනා...// රෝස යහනා පරවුනා හීන හඬලා වියලුනා අඳුරු වූ ගිම්හානයේ පියනගමී මා නීල අහසේ තරූ පවා පාළු මැකූවා මගෙ සදා සොඳුරු වූ වස්සානයේ නවතිමී මා පිනි පොදයි ඒ ආදරේ මාව ජීවත් කලා පෙන බිඳයි ඒ ආදරේ මා තනිකලා... හදවත් හදනා හදවත් බිඳිනා...//