Home/Songs/සඳ රැජිනියේ

සඳ රැජිනියේ

Sanda Rajniye

Font size:
සඳ රැජිනියේ ඔබ හිරිපොද වැස්ස අරන් 
මගේ යහනට එනවද මීදුම් සළු අතරින් 
හිම කැටේ වාගේ වැගිරෙන කඳුළු අරන් 
ඔබ ඈ වෙත යන්න හෙමින් 
පෙම් සිතක් පතාගෙන මා හඩනා හැටි කියලා දෙන්න ඉතින් ...
කියලා දෙන්න ඉතින්	

හැම ආත්මයේම ඔබ දුන්නු කඳුළු කැට මට තාමත් මතකයි 
මට අද වාගේම මතකයි 
ඒ සුවඳ මගෙන් දුර ඈතට යනකොට මං හැඩුවේ ඒකයි 
හැඩුවේ හැපුනේ ඒකයි
බැහැ මට ඉන්නට බැහැ 
ඔබ නැති ලෝකය කළුවර අහස වගෙයි
මේ ඔබ එනවානම් කොතෙක් කලක් හරි
බලා ඉන්න ආසයි මග බලා ඉන්න ආසයි 

සඳ රැජිනියේ ඔබ .....

එක රාත්‍රියක මහා නපුරු හීනයක් මට අනතුරු හඟවයි 
ඔබ අන් සතු බව පවසයි 
එය හීනයක්ම පමණක් වේවා යයි මගේ හදවත මුමුණයි 
හැම තිස්සෙම හිත මුමුණයි 
නැහැ මම ඉන්නෙම නැහැ 
ඔබ මට නැත්නම් හදවත කඩා වැටෙයි 
නෑ ඔබ එනවාමයි ඇස් දෙක වගේ මට ඒ ගැන විශ්වාසයි
මට ඒ ගැන විශ්වාසයි ..

සඳ රජින්නියේ ඔබ ....  
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.