Home/Songs/කිරි හාවා

කිරි හාවා

Kiri Hawa

Music: දිනේෂ් සුබසිංහ Lyrics: කුසුම්සිරි ලියනආරච්චි
Font size:
රෑට පේන කිරි හාවා සඳේ ඉන්නවද හොයන්න
මිනිස්සු එකොමත් කාලෙක හඳට ගියාලු
ලොකු රොකට්ටුවක් හදාන හඳට ගියාලු
(හඳට ගියාලු..//)
මුහුද උඩින් අහස මැදින් හඳට ගියාලු...
තන නානා නන නානා...

ඇහැට පේන දේට වඩා නොපෙනෙන දේ හුඟයිලු
(ඒ දේවල් දැකලා එන්න හීන දකින එක හොඳයිලු...//)
(බෝම හොඳයිලු...//)
තන නානා නන නානා...

නින්දේදී දකින හීන නින්දේදිම අමතක නොවේලු
ඒ වගේ හීනයක් එක්ක අළුත් දිනෙක අවදිවන්න
ඒ වගේ හීනයක් එක්ක අළුත් ඉරට ඇහැ අරින්න
(කැමතිද යාළු...//)

රෑට පේන කිරි හාවා...
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.