Home/Songs/හා හා හරි හාවා‍

හා හා හරි හාවා‍

Ha Ha Hari Hawa

Font size:
හා හා හරි හාවා‍ කැලේ මැදින් ආවා
හිටගෙන ගඟ ගාවා වටපිට ඇහැ ලෑවා...

කොළ දෙකටක් කෑවා පැන් උගුරක් බීවා
තොල කට ලෙව කෑවා ඉතින් ඇතැයි කීවා…

තබා නිකට ගාවා වීණාවක් ගෑවා
මිහිරි සින්දු කීවා නැටුම් ටිකක් පෑවා...

එයින් වෙහෙස වූවා ඉඳගෙන හති ලෑවා
තණ බිස්සේ බාවා ඇඟ පත සැතැපූවා…

බිරුම් හඬක් ආවා ඉහළට විසි වූවා
කොඳු ඇට හිටැවූවා කන් දෙක දිග පෑවා…

බිරීම ළං වූවා කඳ හරහට බාවා
සතර පයට පාවා දීලා යමු කීවා…

පඳුරු උඩින් බෝවා විදුලි කෙටිලි පෑවා
කොළ සර බර ගෑවා බිරූ කටත් ආවා…

බිරීම නැවතුවා නාසය බිම ගෑවා
ඇහින් රැහැන් ලෑවා කොයිද කොයිද හාවා…
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.