Home/Songs/ලංකා මාතා

ලංකා මාතා

Lanka Matha

Music: ශ්‍රී ශ්‍යාමලංගන් Lyrics: ශෙහාන් ගලහිටියාව
Font size:
හදවත ගැඹුරේ ධීර චේතනා 
මේ සිව් හෙළයේ දසත විසිරුවා 
එක් වෙමූ - සුරකිමු - ලක් මෑණියන් සෑමදා 
මේ ලොව බිහිවූ දිනයෙ සිට මෙමා 
අවසන් හුස්මත් ගිලිහි යනතුරා 
එක හෙළා පුදදෙමු - අපේ ජීවිතේ ලේ පවා 

ශ්‍රී ලංකා භුමී නමදිමු සැවොමා
වන්දේ ලක් මෑණි සැමදා 

ශ්‍රී ලංකා මාතා - පෑ විස්කම් බෝමා 
ශ්‍රී ලංකා මාතා - රකිමී සැමදා 
ශ්‍රී ලංකා මාතා - පෑ විස්කම් බෝමා 
ශ්‍රී ලංකා මාතා - වඳිමී සැමදා 

උරිනුර ගැටිලා බලය විහිදුවා 
දාබිඳු හෙළලා සවිය පාමිණා 
සැම දනා - දිවි දෙමූ - හෙළ භුමියේ නාමිනා 
ඔදතෙද පාලා සිංහ ධජ හොවා 
ලය පුද කරලා තේජසින් සැමා 
හඬ නගා පවසමු - අභිමානයේ ගායනා     

ශ්‍රී ලංකා භුමී නමදිමු සැවොමා
වන්දේ ලක් මෑණි සැමදා 

(ශ්‍රී ලංකා මාතා - පෑ විස්කම් බෝමා 
ශ්‍රී ලංකා මාතා - රකිමී සැමදා 
ශ්‍රී ලංකා මාතා - පෑ විස්කම් බෝමා 
ශ්‍රී ලංකා මාතා - වඳිමී සැමදා...//)

Data

Last updated May 2026

Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.