සුසුමක දැවටිලා (නිරාශා ටෙලි නාට්‍ය තේමා ගීතය)
Susumaka Dawatila (Nirasha Tele Drama Theme Song)
Music: දිල්ෂාන් ලියනපතිරණ Lyrics: දිල්ශාන් පතිරත්න
Font size:
සුසුමක දැවටිලා කඳුලින් බොඳවෙලා මතකේ ඔබෙ ආදරය තිබුණා තරුවක් ඉකි ගසා හැඬුවා රෑ පුරා රහසේ පැතු ආදරය සැමදා සංසාර සිහිනයක මා සිත සරතැස නිවා මදහස දැල්වුනා දැනුනා ඔබෙ ආදරය දැනුනා හැම හුස්මක පවා සීත සෘතුවේ මල් හීන වෑහුනේ සඳ සිසිල අපටම නිසා ආදරේට පාට ගේන මා සිඳංගනා හිනැහෙන්න දෙනුවන් අයා උණුහුමට හිත පිරුණු මගෙ ආදරේ ඔබෙ නමටමයි හිමි ප්‍රියේ මට දෙන්න මියුලැසියෙ ඒ ආදරේ විකසිත වෙන්න මුළු ජීවිතේ ස්නේහ නිම් තෙරේ සිත ආදරෙන් පිරේ සුහදිනිය ඔබ ළඟ නිසා පාරමී පුරා ගෙනාව ප්‍රේම කල්පනා කොඳුරන්න මට ලං වෙලා ඔබ ඉන්න සඳවතියෙ නොනිදා හදේ සිහිලැල් හැඟුම් සයනයේ විඳගන්න ඉඩදෙන්න ඒ ආදරේ පැතු සේම සංසාරයේ සිත සරතැස නිවා මදහස දැල්වුණා පායා සඳ අහසේම දිලුනා ගනඳුර සේදුනා තරු මිණි දැල්වුණා දැනුනා ඔබෙ ආදරය දැනුනා හැම හුස්මක පවා