Home/Songs/විමනේ දිනිඳු මගේ

විමනේ දිනිඳු මගේ

Wimane Dinindu Mage

Music: රෝහණ වීරසිංහ Lyrics: බන්දුල නානායක්කාරවසම්
Font size:
විමනේ දිනිඳු මගේ - ඔබ වේ සසර මගේ
සඳ රැසේ - එළිය සේ - බිළිඳු සිනා සැලේ

ජීවිතේ - සිහිනයේ - සුවඳ විහිදුවා - 
ගීතයේ - මී සරේ - මිහිර අතුරලා
සොඳුරු මේ - දිවි තෙරේ -තරුව ඔබය සදා

පුතුගේ සිඟිති නෙතේ - ඔබගේ මුහුණ පෙනේ
සඳ රැසේ - එළිය සේ - බිළිඳු සිනා සැලේ

මිරිඟුවේ - තිමිරයේ - හැබෑ රුව වෙලා
ඝනදුරේ - පහන සේ - විමන දිදුළවා 
රුදුරු මේ - මං පෙතේ - තරුව ඔබය සදා

විමනේ දිනිඳු මගේ - ඔබ වේ සසර මගේ
සඳ රැසේ - එළිය සේ - බිළිඳු සිනා සැලේ

ගිනි දැල් සතර දෙසේ - රසු දැල් නඟන ලෙසේ
ඔබ ද හා - පුතු සදා - රකිමි දෙනෙත ලෙසේ
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.