Font size:
සඳ පිණි දිය ගලා හැලෙන පාළු හිතෙන හැන්දෑවක හිමින් හිමින් මටත් හොරෙන් නුඹව හිතට දැනුනා සිහින ගෙනෙන රාත්‍රියක සන්සුන් නැති හිතට එබෙන නුපුරුදු සිහිනයක් වගේ නුඹව හිතට දැනුනා...// කදුළු කතා අමතක වී පෙම්වත් වූ සිතුවිලි ලඟ දියවෙන හැම කවි පදයම උඹේ නමට ගෙතුනා සසරේ මං හැමදාකම නුඹේ ළඟට වී...// ලෙන්ගතු ඔය නෙතු පාමුල පැතුමක් වී සදාකල්ව නුඹේ නමින් මිය ඇදෙන්නේ මගේ හිතට හිතුනා සසරේ මං හැමදාකම නුඹේ ළඟට වී...// සඳ පිණි දිය.../
Data
Last updated May 2026