Font size:
(සැදෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට...//) දහසක් දොම්නස් සිහින පවුරු මැද තනිවුන ඔබෙ සුසුමන් සෙමෙන් විත් මගෙ සවනත පාරයි සැදෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට (තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද සරන විටදි රැය ගෙවෙන තුරාවට...//) මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ එතෙර වන්න නිඹදේ නිදි ලොව වෙත එතෙර වන්න නිඹදේ සැදෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට (නිමල පැතුම් සපුරා ගෙන හද තුල සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට...//) අරුණළු නැගෙන පැයේ කුසුමක් වෙමි ජීවින මල් ගොමුවේ ඔබෙ ආදර ජීවන මල් ගොමුවේ (සැදෑ අඳුර ලොව ගලන වෙලාවට කවුළු පියන්පත් වැසෙන වෙලාවට...//) දහසක් දොම්නස් සිහින පවුරු මැද තනිවුන ඔබෙ සුසුමන් සෙමෙන් විත් මගෙ සවනත පාරයි සෙමෙන් විත් මගෙ සවනත පාරයි