Font size:
උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ දකුණු කොනේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලියේ උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගියේ දකුණු කොනේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගියේ කොතැනක සිටියත් ඉපැදුණු මියයන බිම එකනේදෝ ඒ බිම එක් වී සුරකින යුතුකම අප සතු නේදෝ උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ දකුණු කොනේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලියේ උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගියේ දකුණු කොනේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගියේ එක මවකගෙ දරු කැළ සේ හිනැහී ඉන්නයි සැමදා නෙතු හමුවට කඳුළැල්ලක් ළං නොමවන්නයි කිසිදා උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ දකුණු කොනේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලියේ උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගියේ දකුණු කොනේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගියේ
Singers
Data
Last updated May 2026