Home/Songs/කඳුළක් තලා

කඳුළක් තලා

Kandulak Thala

Font size:
කඳුළක් තලා මඟුල් මුදුවක් හදන්
නැකතක් අරන් මම එන්නම්
දෙවුරක් පලා හද දැවෙනා තරම්
නුඹට විතරක් බලන්නට දෙන්නම්

සයුරෙන් එහා නිල් අහසින් මෙහා
ක්ෂිතිජේ ඉරේ හිස තියා
පැතුමේ වෙලී නෙතු පියා
හිරු මියෙනා පැයේ
නුඹ කඳුළක් දරාගෙන සිටියා

තරුවක් පුරා මම කවියක් ලියා
සඳුගේ රැයට ඉඩ තියා
හිඳිනා වෙලේ දුක කියා
අපෙ හිතටත් හොරා
අප අපගෙන් දුරස් වී ගියා
Mathaka logoMathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

About

  • Open DataODbL
  • Community Maintained
  • 10,501 Songs

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.